චීන රජය සමඟ කොළඹ වරාය සැලසුම අත්සන් කරයි


පසුගිය රජය විසින් චීනය සමඟ එක්ව  කොළඹ ගාලු මුවදොර ආශ්‍රිත ඉදිකිරීමට යෝජනා කළ කොළඹ වරාය නගරයහි සැලැස්ම වෙනස් කොට එය ‘කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරය’ලෙස නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ත්‍රිපාර්ශවික ගිවිසුමට නිළ වශයෙන් ශ්‍රී ලංකා රජය සහ චීන රජය අත්සන් තැබීම අද (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී  සිදු කැරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රූපසිංහ සහ චීන රජය වෙනුවෙන් චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් පොර්ට් සිටි කොලොම්බු ව්‍යාපෘති සමාගමේ සභාපති ටන්ග් කිඕ ලින්ග් යන මහත්වරු අත්සන් කළහ.

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක , වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග සහ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.

 

RDS_9508 RDS_9533 RDS_9575