නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට වයිරසය ආසාදනය වී රෝගිවූ වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි. බෙයිජීං සහ ලියෝනිං ඇතුළු චීන නගර කීපයක රෝහල් මෙම වයිරසය ආසාදනය වූවන්ගෙන් පිරී යෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. උතුරු දිග චීනයේ පළාත්වලට ද මෙම නව වයිරසය ව්‍යාප්ත වී ඇති බව ද වාර්තා වේ.
'කොවිඩ් 19' කොරොනා වයිරසය ද චීනයෙන් ආරම්භ වූයේ මේ අයුරිනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. 'කොවිඩ් 19' පළමු ආසාදිතයා වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය හදුනා ගැනීමට නොහැකි එකක් වූ අතර, ආසාදිතයන් මය යෑම සිදුවූයේ නිව්මෝනියාවෙනි.