ජංගම දුරකතනය පුපුරා ගිනි ගනී


(රංජිත් රාජපක්ෂ)

ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

හැටන් නගරයේ පිහිටි නිමි ඇදුම් වෙලදසැලක සේවකයකු ඔහුගේ ජංගම දුරකථනයේ බැටරිය දිගු වේලාවක් ක්‍රියා නොකරන බවට ඔහුගේ මිතුරකුට පරික්ෂා කරන ලෙසට ඉල්ලා  ජංගම දුරකථනය ඔහුට ලබා දි ඇත.

එම අවස්තාවේ ජංගම දුරකථනය පරික්ෂා කරමින් සිටින අවස්ථවේ ජංගම දුරකථනයේ බැටරිය එකවරම පුපුරා ඒ තුලින් ගින්නක් හටගන්නා ආකාරය කැමරාවේ සටහන් වි තිබුණි.