මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාසය සමයේ නිරාහාරව ගත කරමින් දුගී භාවයේ දුක තමන් ද අත්විඳීම සමානාත්මතාවය පිළිබිඹු කරන විශ්වීය ප්‍රකාශයක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාමසාන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ටද ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ටද සිය සුබ පැතුම් පිරිනමන ජනපති දේවත්වය සහ මනුෂ්‍යත්වය අතර සමීප සබඳතාවයක් සනිටුහන් කරමින් කයින් මනසින් සංවරවූ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සංකේතවත් කෙරෙන ඊද් උල් ෆිතර් උළෙල සමරන බැතිමතුන්ගේ සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරන බවද කියයි.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ රාමසාන් උපවාසයේදී මුස්ලිම් බැතිමතුන්ගේ කැපවීම ආත්ම දමනය හා සමානාත්මතාවය සඳහා මගපෙන්වන පරිත්‍යාගශීලිත්වය ජාතික සමගියට හා සංහිඳියාවට මහඟු ආදර්ශයක් බවයි.