ජනපති එංගලන්තයෙන් ඉන්දියාවට


දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවර ගිය  ජනාධිපතිවරයා එම සමුළුව අවසන් වීමෙන් පසු ලන්ඩනයේ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංය කියයි.

ජනපති සිය ඉන්දීය සංචාරයේදී එරට මධ්‍යප්‍රදේශ් හි උජේයින්හිදී පැවැත්වෙන උත්සවයකටද සහභාගී වීමට නියමිතය. මීට අමතරව මහබෝධී සංගමය විසින් සාංචි ප්‍රදේශයේ සංවිධානය කරන ආගමික වැඩසටහන් කිහිපයකට ද ජනපති සහභාගී වේ.

ලක් ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්විපාර්ශවික හමුවක් පැවැත්වීමටද නියමිතව ඇත.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට නියමිතය.

මේ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද ඉන්දියාවේ උජ්ජාන් ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීම සඳහා දැනටමත් පිටත්ව ගොස් ඇත.

modivsmy3_2016513 modivsmy3_20165132 modivsmy3_20165133

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය