ජනපති බංග්ලාදේශයට සොව පළ කරයි


බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශෝකය ප්‍රකාශ කර සිටියි. බංග්ලාදේශ රජයටත් ජනතාවටත් ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ ශ්‍රී ලංකාවද ත්‍රස්තවාදයෙන් දැඩි ලෙස බැට කෑ රටක් බවයි.

ශ්‍රී ලංකා රජයත් මෙරට ජනතාවත්මෙම කනගාටුදායක අවස්ථාවේ බංග්ලාදේශ රජය හා එරට වැසියන් සමග මේ මොහොතේ නොසැලී සිටින බව ජනපති කියයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෝලීය වශයෙන් සියලු දෙනා එක්විය යුතු බවද ජනපති සිය පණිවිඩයේ සටහන් කර ඇත. සිද්ධියෙන් විපතට පත්වූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් යළි කඩිනමින් නැගී සිටීමට බංග්ලාදේශ රජයට හා ජනතාවට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති සිය පණිවිඩයේ සටහන් කර ඇත.