ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ


 

 

(අංජුල මහික වීරරත්න)

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා  හමුවිය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා  (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු විය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහත්වරු ද සහභාගී වූහ.