ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි


(අංජුල මහික වීරරත්න)

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළගා විය.

ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිවරයා ලබන බදාදා (21) අළුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

මේ අතර යටතේ ජනපති යටතේ පවතින අමාත්‍යාංශ වල රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබේ.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත් කර තිබේ.

ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් විසින් පිළිගෙන කැඳවා ගෙන ගිය අවස්ථාව.