ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදි අත්අඩංගුවට ගත් 44ට කොරෝනා නෑ


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොවුන් පිරිස ඊයේ පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළේය.

මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට  ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 නෙක්, ගුරුවරියන් 16 සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ මහතා කීය.

ඔවුන් සියලු දෙනාම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .