(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග සැකකරුවකු තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.
දැනට විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'දේවගේ තුසිත චාමර' හෙවත් 'වනාතේ කුඩු තිලාන්' නමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශගත අපරාධකරුගේ මත්ද්‍රව්‍ය තොග සැකකරුගේ නිවසේ සඟවාගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමේ ජාවාරම මෙහෙයවා ඇති බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරුගේ නිවස වැටලූ අවස්ථාවේ නිවසේ සඟවා තිබියදී අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි, ග්රැම් 290 සහ හෙරොයින් මත්ද්‍රව්‍ය: කිලෝ ග්‍රෑම් 02 යි, ග්රැම් 946 යි, මිලිග්‍රෑම් 800 ක් පොලිසිය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd