ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල්ගෙන් මාධ්‍යවේදියෙක්ට කනේ පහරක්


20160427Kristine-1'Frozen' නම්වූ චිත්‍රපටය මෑතකදී ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක් ලෙස නම් කළ හැකිය. කාටුන් චිත්‍රපටයක් වූ එහි එන ඇනා කුමරියගේ චරිතය හඬ මුසු කළ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල් මේ මෑතකදී රූපවාහිනී මාධ්‍යවේදියකුට කම්මුල් පහරක් එල්ල කළ බව කියන පුවත දැන් උණුසුම් තත්වයකට පෙරලී තිබෙනවා.

ක්‍රිස්ටීන් රඟපෑ අලුත්ම චිත්‍රපටය, ‘The Boss’. බෙන් ෆැල්කන් අධ්‍යක්ෂණය කළ මෙය හාස්‍යය මුසු වූ චිත්‍රපටයක්. මෙහි මංගල දර්ශනය පසුගිය දා පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා ශාලාවකයි. චිත්‍රපටය නැරැඹීම සඳහා එයට එක්වූ සිනමා නළු නිළියන් අතර ක්‍රිස්ටීන් ද සිටියා.

රතු පලස මතින් සිනමා ශාලාවට පියමනිමින් සිටින ක්‍රිස්ටීන් වෙත ළංවූ රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදියකු ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ඒවාට පිළිතුරු දුන් ක්‍රිස්ටින් සිනමා ශාලාව වෙත පා තබද්දී මාධ්‍යවේදියා ඇගේ අතකින් ඇද ‘තිබෙනවා. එයින් දැඩි කෝපයට පත් වූ මෙම නිළිය ඔහුට අත දිග හැර කම්මුල් පාරක් ගසා ඇති අතර, ඒ පහරට මාධ්‍යවේදීයාද බිමට වැටී තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ අවට සිටි අය බලා සිටි අතර, අපහසුවෙන් නැගිටි මාධ්‍යවේදීයා එතනින් මාරු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.