Japan super star 2016 රියැලිටි තරගයේ ජනප්‍රිය සුපිරි තරුව වීමත් සමග ගායන ක්ෂේත්රය ප්‍රවිෂ්ට වූ ඔහු නදිමාල් චින්තක. මේ වනවිට ජපානයේ පදිංචිව සිටියි. ඔහු අපත් සමග එකතු වූයේ ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව කතාබස් කිරීමටයි.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම ජයලංක නදිමාල් චින්තක. වයස අවු. 25 යි. දැනට ජපානයේ තමයි ඉන්නෙ. ලංකාවේ පදිංචිය තංගල්ලේ.
ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
පොඩි කාලේ ඉඳන්ම කලාවට ගොඩාක් ආසයි. පාසල් යන කාලෙත් නොයෙකුත් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. නමුත් ගීත ගායනයට පිවිසුණෙ ජපානයට ආවට පස්සේ. මෙහේ තිබුණ තරගයක් හරහා තමයි.
Japan super star 2016 ගැන කිව්වොත්?
කොහොමද ඒකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ? මේ තරගය ගැන කිව්වොත් ජපානයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවත්වුණු තරගයක්. මාව මේකට සම්බන්ධ කළේ අසංක අයියා. එයා තමයි කශිවා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. මම එයාගෙ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. අසංක අයියා තමයි මට මේකට අයදුම්පත්‍රය ලබා දුන්නේ.
Japan super star 2016 තරුව වෙන්න අවස්ථාව ලැබුණද?
ඔව්. එම තරගයේ ජනප්‍රියම සුපිරි තරුව වීමේ අවස්‘ථාව මට හිමි වුණා. මේ තරගය සංවිධානය කළේ හෙලංකා පදනම. ප්‍රේම් හේවාමාන්නගේ තමයි මේකෙ නිර්මාතෘ. ඒ වගේම එතුමාට ලොකු සහයෝගයක් දුන්නා ප්‍රියාල් අමරසිංහ අයියා. නමුත් මේක තරගයක් විදියට සාර්ථක කරගන්න ජගත් වික්‍රමසිංහ සර්, මිරාන් තරිඳු අයියා දීපු සහයෝගය කියලා නිම කරන්න බෑ
ගීත එළිදක්වලා තියෙනවාද?
මේ වෙනකන් මගේ කියලා ගීත එළිදක්වලා නැහැ. නමුත් ලැබුණ ජයග්‍රහණය එක්ක මගේම ගීත තුනක් විතර මේ වනවිට නිර්මාණය කරගෙන යනවා. ලංකාවේ මේ දිනවල ජනප්‍රිය ගීතවල නිර්මාණකරුවන් වන තිළිණ රුහුණගේ අයියා, චන්දන වල්පොල අයියා සහ නවකයෙක් වන චලින්ද මල්ලි තමයි මගේ ගීත නිර්මාණය කරමින් ඉන්නේ.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
ජපානයේ මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි ලොකුම හීනය. ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරනවා. මේ ලැබුණ ජයග්‍රහණයත් එක්ක සංගීතය පැත්තෙනුත් දෙයක් කරන්න ලොකු ආසවක් තියෙනවා. ඒ වෙනුවෙන් ළඟදීම ලංකාවට ඇවිත් යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව් අනිවාර්යයෙන්ම. මුලින්ම මගේ පවුලෙ අය මතක් කරනවා. අම්මා, තාත්තා, නංගී, මල්ලිලා දෙන්නා. ඊට පස්සේ මගේ නෑදෑයෝ. මට ජපානෙට ආවට පස්සේ මගේ හැමදේටම ඉන්නේ මගේ යාලුවෝ තුන් දෙනා. හිමන්ත අයියා සම්පත්, ඉරේෂ්. මං දැනට ඉගෙන ගන්න shinjuku gyoen gakuin ඔක්කොම. මෙහෙට අප්‍රේල්වල ආපු මල්ලිලා, නංගිලා. ඒ වගේම කශිවා ක්‍රිකට් ටීම් එක අසංක අයිය ඇතුළුව නම් කියන්න ගියොත් මට ගොඩාක් අය ඉන්නවා ජපානෙයි ලංකාවෙයි ඒත් ඒක අමාරු වැඩක්. නමුත් හැමෝම අමතක නෑ. අන්තිමට මතක් කරනවා ගොඩාක් ආදරෙන් තව කෙනෙක්ව. එයා තමයි මට හැමදේකින්ම හයියක් වුණේ. මාව තැනකට ගන්න එයා ගොඩාක් මට උදවු කරනවා. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ. ඔයාටත් ගොඩාක් ආදරෙයි.