මඩකලපුවේ ඉදිකිරීමට නියමිතව තිබූ ජලජීවි වගා උද්‍යායනය මන්නාරමේ ඉදි කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජිවී සංවර්ධන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලන බාධා කිරීම් හා ජනතා උසි ගැන්වීම් හේතුවෙන් එලෙස මඩකලපුවේ ඉදිකිරීමට නියමිතව තිබූ ජලජීවි වගා උද්‍යායනය මන්නාරම දිස්ත්‍රික්කයේ නායාට්ටුවේලි හි එම ජලජීවි වගා උද්‍යායනය ඉදි කෙරෙනු ඇතැයි වාර්තා වේ.
රුපියල් මිලියන 4000ක වියදමින් හෙක්ටයාර 1500ක ඉදි කෙරෙන මෙම ජලජිවී වගා උද්‍යායනය නිසා රැකියා රැසක් නිර්මාණය වනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. එහි පළමු හෙක්ටයාර 1000ක ප්‍රමාණයක ඉදිකිරීමට නියමිතය.
මෙම ජලජීවි වගා උද්‍යායනය ජනශූන්‍ය ප්‍රදේශයක ඉදි කෙරෙන බව ද උතුරු පළාතේ දේශපාලකයන් හා ජනතාවගෙන් විශාල සහයෝගයක් හිමිව ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.