ජී -7 සමුළුව කල්දමයි


ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි.


එය නැවත ලබන සැප්තැම්බර් මාසයේ හෝ ඉන් පසුව පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වේ.

මීට හේතුව ලෙස අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ  ලෝකයේ මේ වනවිට සිදුවෙමින් පවතින දේ පිළිබඳ නියමාකාරයෙන් ජී-7 සමුළුවේදී නියෝජනය නොවනු ඇතැයි තමාට වැටහෙන බවයි.

ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව සහ ඉන්දියාව යන රටවල නියෝජිතයන්ටද මෙවර ඊට සහභාගී වන ලෙස ආරාධනා කෙරේ.

සමුළුව සඳහා මෙසේ අතිරේක රටවලට ආරාධනා කිරීමේ අරමුණ පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ඒ සඳහා රැසියාව එක්කර ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබුණි.

මොස්කව්හි ගෝලීය ක්‍රමෝපායික වැදගත්කම ඊට හේතුව වේ.

ඇමරිකානු ජනාධිපතිවරයාට සමුළුවේදී අනෙකුත් රටවල් සමඟ චීනය පිළිබඳ සාකච්ඡා කිරීම අවශ්‍ය බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇලිසා ෆාරා මහත්මිය පැවසුවාය.

ජී-7 සමුළුව ලබන මාසයේ ඇමරිකාවේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.  


(රොයිටර් ඇසුරෙනි)

226