(උපාලි ආනන්ද)

අනුරාධපුර රුවන්වැලි සෑ ඉදිරිපිරි සත්‍යග්‍රහයේ යෙදී සිටින බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා අද නියම කළේය.

මේ අතර බලංගොඩ කස්සප ඇතුළු පිරිසකට එම ස්ථානයෙන්  ඉවත්වන ලෙසට ඉකුත් 7 වැනි දා නිකුත් කළ අතුරු නියෝගය විසුරුවා හරින්නැයි බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන්  නීතීඥවරුන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.