ජීවිතය සමුදුන් 'ස්ටාර් ට්‍රෙක්' නළු යෙල්චින්


2016-06-22-ent-74

ලෝක ප‍්‍රසිද්ධ "ස්ටාර් ටෙ‍්‍රක්" චිත‍්‍රපටයේ නළුවෙකු වන ඇන්ටන් යෙල්චින් හදිසි අනතුරකින් පසුගියදා මරණයට පත්විය. ඉතාම ජනප‍්‍රිය තරුණ නළුවෙකු වූ යෙල්චින් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27 කි. පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇති අන්දමට ඔහුගේම මෝටර් රථය පසුපසට ධාවනය වී ඔහුව බිත්තියකට සිර වී මේ මරණය සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔහු මියගිය බව ඔහුගේ මිතුරන් විසින් දැනගෙන ඇත්තේද ඔහු පුහුණුවීම් කටයුතුවලට සහභාගී නොවීම නිසා බව සඳහන් වෙයි. උපතින් රුසියානුවෙක් වන ඇන්ටන් යෙල්චින් හොලිවුඩ් නළුවෙකු ලෙස සාර්ථකත්වයට පත්වීමත් සමග ඇමරිකාවේ පදිංචි විය. "ස්ටාර් ටෙ‍්‍රක්" චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය මාලාවට අමතරව "ටර්මිනේටර් සැල්වේෂන්", "ලයික් කේ‍්‍රසි" සහ "ඇල්ෆා ඩෝග්" ආදී නිර්මාණ රාශියකට ඇන්ටන් යෙල්චින් සිය දායකත්වය ලබාදී තිබිණ.

 

අනූද