ජොන්ස්ටන්ට වරෙන්තු


(මනෝප්‍රිය ගුණසේකර)

සතොස ආයතනයේ වංචාවකට අදාල නඩුවකට පෙනී නොසිටිම හේතුවෙන් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද වාරෙන්තු නිකුත් කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ  ජෙන්ස්ටන් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරු කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ වූ එකඟතාවයකට අනුව තම සේවාදායකයා  රහස් පොලියේ පෙනී සිටිම හේතුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව දැනුම් දුන්නේය.

සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළ විනිසරුවරයා එම නඩුව ජනවාරි 24 කැඳවීමට නියම කළේය .