ජෝඩුවක් පාරට කුණු දාලා : ගැමියන්ගෙන් ඉල්ලන් කාලා


අකුරණ දුනුවිල මාර්ගය  අසලට වාහනයකින් පැමිණ කසල මලු බැහැර කළ බව කියන යුවළක්  අද (2) ප්‍රදේශවාසීන් විසින් අල්ලා වත්තේගම පොලීසියට භාර දෙනු ලැබූහ.

අකුරණ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ මාර්ග දෙපස  කසල බැහැර කිරීම තහනම් කර ඇති අතර ඇතැම් පිරිස් දිගින් දිගටම බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙපසට වාහනවලින් පැමිණ කසල බැහැර කරතියි ගම්වැසියෝ කියති.

වත්තේගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ ඔවුන් ගෙනැවිත් දැමු බව කියන කසල නැවත ඔවුන්ටම රැගෙන යාමට සලස්වා  ඔවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගෙන තිබේ.