ජ‘පුර 47 කට ප්‍රදීප ප්‍රණාම


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා කීර්තියට පත් වූ හිමිවරු තුන් නමකට හා රටේ ඉහළ තනතුරු දරන 14 දෙනෙකුට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්දනපුර ප්‍රදීප ප්‍රණාම සම්මානය පුදලදහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය සංවිධානය කළ මේ උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.

වර්ෂ 1873 දී ශෂ්‍යයින් 7 දෙනෙකුගෙන් පිරිවෙනක් ලෙස ආරම්භව 1959 දීවිශ්ව විද්‍යාලයක් බවට පත් වූ විද්‍යෝදය විශ්ව විද්‍යාලය 1979 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බවට පත් විය. එදා මෙදාතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මාතාව විසින් අප මාතෘ භූමිය දැනුමෙන් හා විද්‍යාවෙන් සැරසීමට සමත්ව ඇති මහත් සංඛ්‍යාවක් විද්වතුන් බිහිකර දී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආදා විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා කියයි.

මෙම සම්මාන දිනාගත් වැඩි දෙනා ගමේ පාසල් වලින් විශ්වවිද්‍යාල වරම් ලැබූවෝ වෙති.

සම්මාන ලැබූවෝ

එගොඩමුල්ල අමරමෝලී නාහිමි, එල්ලාවල මේධානන්ද නාහිමි, ගලබොඩ ඤාණිස්සර නාහිමි, චිත්‍රාංගනී වාගීශ්වර, චන්ද්‍රානි සේනාරත්න, සුධර්මා කරුණාරත්න, ආචාර්ය බී.එම්. සුරේන් බටගොඩ, ජී.සේන විතානගේ, ඩී. ස්වර්ණපාල, කේ.කේ. අතුකෝරළ, ඩග්ලස් නානායක්කාර, දයා කමණී රේණුකා ඒකනායක, බී. විජයරත්න, ඩී.සී. දිසානායක, ඩී.එම්.ආර්.බී. දිසානායක, වී.බී. පර්ල් කේ. වීරසිංහ, සන්ධ්‍යා විජයබණ්ඩාර, ඒ.එම්. සුනිල් අබේවර්ධන, චන්ද්‍රප්‍රේම ගමගේ, එච්.එම්. ගාමිණී විජේසිංහ, මහාචාර්ය සම්පත් අමරතුංග, පූජිත් ජයසුන්දර, ආචාර්ය ඊ.ඒ. වීරසිංහ, ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, කල්‍යාණි දහනායක, නිහාල් රණසිංහ, ආර්.එම්.එස්. සරත් කුමාර, චන්ද්‍රා වික්‍රමසිංහ, එල්.කේ.ජී. ගුණවර්ධන, ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර, පුෂ්පා මුතුකුමාරණ, පුෂ්පා මල්කාන්ති ජයසිරි ගමගේ, නිමල්කා ඩයස්, ඒ.ආර්. දේශප්‍රිය, චන්ද්‍රරත්න පල්ලේගම, මහාචාර්ය එම්. තිලකසිරි, තිලකා ජයසුන්දර, ජේ.ඒ. රංජිත්, බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, අනුලා හරස්ගම, එස්.ඒ. චන්ද්‍රිකා කුලතිලක, ලුම්බිනි දර්ශනා සේනානායක, ඒ.එම්.පී.එම්.බී. ප්‍රියංකර අතපත්තු, පී.ජී. කුමාරසිංහ සිරිසේන, ඩී.එම්.ඒ.ආර්. බී. අනුර සේනානායක, මහාචාර්ය එම්. සුනිල් ශාන්ත, කේ.එච්. මුතුකුඩආරච්චි

13940941_1397151446966695_167609655_n

01 02 03 03-1 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 DSC_0131 DSC_0134