ටයිටස් තොටවත්ත නොහෙත් අපි ආදරයට කියන ටයිටස් මාමා ජීවත්ව සිටියා නම් හෙටට ඔහු සමරන්නේ (1929 අප්‍රේල් 17) 87 වැනි උපන්දිනයයි. ඔහු තිරයේ පිටුපස ඉඳලා ළමා ලෝකයට වීරයෙක් වුණු කෙනෙක් කිව්වොත් නිවරිදියි. ටයිටස් තොටවත්ත 1929 අප්‍රේල් මස 17 වැනිදා උපන්නේය. ටයිටස් තොටවත්තයන්ගේ මුල නම දොන් ඵන්මානුවෙල් ටයිටස් ද සිල්වාය. පස්දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු ටයිටස්ට වැඩිමහල්ව සහෝදරයන් දෙදෙනකු විය. ඔහු 2011 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වැනිදා මෙලොවින් සමුගත්තේය.
දොස්තර හොඳහිත, කාටූනය සඳහා කවුරුත් ආදරය කරනු ලබයි. එහි අදටත් කට පාඩම් වාක්‍යයක් වන්නේ, මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි, කියන වචන පෙලය. එකල ළමා කාලයක් තිබූ බොහෝ දෙනාගේ ආදරණීය කාටූනයක් වූ මෙය අදටත් බොහො දෙනාව ළමා කාලය වෙත ගෙනයනු ලබයි. එමෙන්ම ගලිවර්ගේ සුවිසැරිය, පිස්සූ පූසා, හා හා හරි හාවා, යන කාටූනයන් අදටත් බොහෝ දෙනා ප්‍රිය කරනු ලබයි.
මේ ටයිටස් තොටවත්තයන්ව සිහිකිරීම පිණිස තැබූ සටහනකි.
ඩිලාන් ක්‍රිෂාන්ත
දොස්තර හොඳ හිත
ගලිවර්ගේ සුවිසැරිය
පිස්සූ පූසා
හා හා හරි හාවා