ටීඑන්ඒ මන්ත්‍රීවරු දිසාපති හිර කරති


යාපනය දිස්ත්‍රික්කයේ මානිප්පායි, ආනෙක්කෝඩ්ඩෙයි, කූලාවඩි ප්‍රදේශවල ඉඩම්  ආරක්ෂක අංශ වෙත පවරා ගැනීමේ සුදානමක් ඇතැයි කියමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් ඇරැඹූහ.

විරෝධතාවයට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ කූලාවඩි ප‍්‍රදේශයේ ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ආරක්ෂක අංශ විසින් පවරා ගැනීමට විරුද්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත පෙත්සමක් භාරදීමෙන් අනතුරුව විරෝධතා වැඩසටහන පැවැත්වු බවයි.

දිසාපතිවරයාගේ කාර්යාලයේ දොරටුව ඉදිරිපිට පැවැත්වු විරෝධතාවය හේතුවෙන් දිසාපතිවරයාට කාර්යාලයේ ඉදිරිපස දොරටුවෙන් පැමිණීමට නොහැකිවීමෙන් කාර්යාලයේ පසුපස දොරටුවෙන් දිසාපති වරයාට පිට වීමටද සිදු විය.

දිසාපති වරයාගේ දොරටුව වසා විසඳුමක් ලැබෙන තුරු ඉවත් නොවන බව පවසා එහි ඉදිරිපිට හිඳගැනීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි යාපනය පොලීසිය හා එහි සිටි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා  මන්ත්‍රී වරුන් අතර උණූසුම් තත්ත්වයක් හට ගත් අතර ඉන් පසුව ඉන් පිරිසකට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවීමට අවස්ථාව ලැබිණි.

 අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවට දිසාපති පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අවසන් විය.

33(1) 34(1) 36(4) 37(1)