ටීනා ජූලී 18 තුර්කි යනවා


2016-06-13-ent-57

2016-06-13-ent-60ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන "දේදුන්නයි ආකාසේ" චිත්‍රපටය තුළින් ලාංකේය සිනමාවට පිවිසෙන ටීනා ෂනාලී ප්‍රනාන්දු මේ දිනවල තරමක් කාර්යබහුල වී සිටියි. එයට හේතුව නම් ඇය ලබන මාසයේ තුර්කියේ පැවැත්වීමට නියමිත "ඉන්ටර්නැෂනල් ග්ලෝබි" රූපරාජිනි තරගාවලිය සඳහා එක්වීමට සූදානමින් සිටීම නිසාවෙනි. මේ ඒ පිළිබඳව ටීනා "සාරවිට" අපට දැක්වූ අදහසයි මේ.

"මේ තරගාවලිය සඳහා ලංකාවෙන් පිටත් වෙන්න තියෙන්නෙ ජූලි 18 වැනිදා. මම සහභාගී වෙන මේ "ඉන්ටර්නැෂනල් ග්ලෝබි" රූපරාජිනි තරගාවලිය තියෙන්නේ තුර්කියේ. රටවල් 50ක විතර තරගකාරියන් මේ තරගාවලිය සඳහා ඉදිරිපත් වෙනවා. ඉතින් ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගී වෙන්න ලැබීම එක්තරා විදිහට මට ලොකු භාග්‍යයක් කියලා හිතෙනවා. ඉතින් උපරිම හැකියාවන් ඉදිරිපත් කරලා මගේ මවුබිමට යම් ජයග්‍රහණයක් ලබා දෙන්න තමයි උත්සහ කරන්නේ. මේ දිනවල මේ තරගාවලිය ඉලක්ක කරගෙන මගේ සිරුරේ හැඩය පවත්වාගෙන යන්න ආහාර පාලනය වගේම ව්‍යායම් කටයුතුවල නිරත වෙනවා. මොකද මේ වගේ ජාත්‍යන්තර තරගයක් සඳහා එක්වෙන කොට ගොඩක්ම හිතන්න අවශ්‍යයි සිරුරේ හැඩය ගැන. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හසුරවන විදහ ගැනත් ගොඩක් පුරුදු වෙන්න ඕනා. ඉතින් මේ දිනවල මම වැඩි කාලයක් ගන්නේ මේ වගේ පුරුදු පුහුණුවීම් කටයුතුවලට."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - ටීනාගේ ෆේස්බුක් ගිණුම

 

2016-06-13-ent-61
2016-06-13-ent-59
2016-06-13-ent-58
2016-06-13-ent-56