හිටපු ලොකු තැන ඊයෙ පෙරේදා උගන්ඩාවෙ ගියා. ඒ ගමනට තමන්ගෙ මද්දුම පුත්රයවත් එක් කරගන්න බැලුවත් එයාගෙ පාස්පෝට් උසාවියෙ නිසා ගමනට අධිකරණය අවසර දුන්නෙ නැහැ.
ලොක්කගෙ පුතා යන්නෙ නැත්නම් ඔහුත් එක්ක යන දූත කණ්ඩායමේ එක සාමාජිකයකුට ඉඩ තියන බව ආරංචි වුණා. බස්නාහිර පළාතෙ ඇමැතිකම් කළ මහරගම පැත්තෙ පොරක් ගමනට ට්රයි කළා...
"අනේ සර් යෝෂිත වෙනුවට මාව එක්ක යන්න..." ඔහු පරණ ලොක්කගෙන් ඇසුව... ඒත් ලොක්කගෙන් ඒකට කිසිම ප්රතිචාරයක් ලැබුණෙ නැහැ. &ඔහේ මාත් එක්ක තායිලන්තෙත් ගියා... දැන් මේකටත් එන්නද හදන්නෙ..." හිටපු ලොකු තැන ප්රශ්න කළා.
"එහෙනම් මම ටිකට් අරන් එන්නම්" මහරගම පොර කනිපින්දම් කිව්ව.
"පිස්සු කතා කරන්න එපා අයිසෙ... මේ ගමනට තමුසෙට යන්න බැහැ එච්චරයි. තීන්දුයි.." හිටපු ලොකු තැන තීන්දු කළා.
"එහෙනම් ඉතින් මොනව කරන්නද" මහරගම පොරට කියැවුණා. පසුගිය ජනාධිපති ඡන්ද කාලෙත් ආරක්ෂක හේතුමත හිටපු ලොකුතැන වගේ ඇඳල පැලඳල උන්නැහේගේ "ඩමිය" හැටියට නිල රතේක ගමන් කරපු මහරගම යාලුව හැම එකටම හොට දාන්න ගිහින් මේ පාර පාඩමක් ඉගෙන ගත්තය කියලයි ආරංචි.