"තුම්කෝ නා බුල් පායෙන්ගේ" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පා තැබූ ඩියා මිර්සා මේ වනවිට රංගනයට සමුදී තිබුණද පසුගිය කාලයේදී නිරන්තරයෙන් චිත්‍රපට නිෂ්පාදනයට යොමු විය. මේ අයුරින් චිත්‍රපට නිෂ්පාදන කාර්යයෙහි නිරතවෙමින් සිටි ඇය මේ දිනවල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.
ලැබෙන තොරතුරු වලට අනුව වාර්තා වන්නේ ඇය සිනමා අධ්යක්ෂණයට පිවිසෙන්නේ ළමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් බවයි. මේ වනවිට ඇය මෙම චිත්‍රපටය සඳහා සුදුසු ළමුන් තෝරා ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මේ වසර අවසානයේදී මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකරන්නට බලාපොරොත්තු වෙන බවද සඳහන්.
සල්මාන් ඛාන්ගේ පෙම්වතියකව සිටි ඩියා මිස්රා මීට වසරකට පෙරදී ප්‍රසිද්ධියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමගින් විවාහ විය.