ඩී.අයි.ජී 14 ක් වැඩ බාර ගනිති


මහජන අවශ්‍යතා අනුව පොලිසිය වෙනස් විය යුතු බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා සියලු පොලිස් නිලධරීන් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරින් 14 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පති පත්වීම් ලිපි ප්‍රදානය කරමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත උසස්වීම් ලැබූවෝ මෙවුහුය.

අජිත් රෝහණ (උතුරු කොළඹ), වසන්ත වික්‍රමසිංහ (වවුනියාව), පද්මලාල් සදුන්ගහවත්ත (ගම්පහ), චම්පික සිරිවර්ධන (කොළඹ මධ්‍යම), ප්‍රියන්ත ජයකොඩි  (අපරාධ වාර්තා හා වැඩබලන මාධ්‍ය හා මහජන සම්බන්ධතා), නිමල් පෙරේරා  (ප්‍රභූ ආරක්ෂක), මර්වින් වික්‍රමසිංහ (ප්‍රවාහන), ග්‍රෙගරි කුරේ (වෛද්‍ය), ආර්.එන්.   වැලිකන්න (රාජ්‍ය බුද්ධි), ආර්.එල්. රණවිර (අම්පාර), එම් .බි .මහගෙදර  (වෛද්‍ය), එම් .බි. ඇල්ලේපොල (මහනුවර), ඩේවිඩ් ගජසිංහ  (පොලිස්පති පුද්ගලික  සහකාර), පාලිත ප්‍රනාන්දු (රත්නපුර). 

DSC_9012 DSC_9040 DSC_9056