ඩීපීඑල් පාටියේදී විස්කි නායි


මහද්වීපයක ලක් තානාපති කාර්යාලයකි. පාටියකි. බ්‍රැන්ඩි විස්කි ගලා ගියේය. රජයේ ඇතැම් ලොක්කෝ ලෝස් නැතුව බොන්නට වූහ. ඉහළ තැනක නිලධරයෙක් වතුර බොන ගණනට ස්කොච්, විස්කි බීවේය.

රාත්‍රී කෑම වේලාව වන විට ඔහු කැරකෙන්නට විය. මිතුරෝ කිහිප දෙනෙක් ඔහු අල්ලාගෙන කෑම මේසය ළඟට රැගෙන ගියහ. කට දෙපැත්තෙන්ම විස්කි ගලා ගියාලු. රට ජාතිය රකින්නේ මෙහෙමදැයි එතැන සිටි අය ඇහුවාලු.