ශ්රී ලාංකික ශ්රමිකයින් තිස් හතර දෙනෙකු ඩුබායි, සතුවා හි ආරම්භ කළ විරෝධතාව අවසන් කර ඇතැයි ඩුබායි හා ශ්රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටී.
සතුවා නගරයේ බස් නැවතුම්පොළක ඔවුන් එලෙස දෙසතියක සිට විරෝධතාවක නිරත වුයේ, සේවය කළ ආයතනයෙන් නිසි වැටුප් සහ නිසි පහසුකම් නොලැබීමට එරෙහිවය.
ඩුබායි සතුවා නගරයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමේ සේවකයින් ලෙස ඔවුන් මීට මාස 5 කට පෙර ඩුබායි හි රැකියා සඳහා ඔවූහු ගියහ.
එම ප්රශ්නය විසඳන බවට බලධාරීන් එකඟ වීමත් සමඟ විරෝධතාව අවසන් කළ බව ශ්රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි කියයි.