(නිමල කොඩිතුවක්කු)
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41394 දෙනෙකු වාර්තාවී ඇති අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනකු මියගොස් ඇත.
ඔක්තෝම්බර් මාසය තුළ පමණක් මේ වනවිට ඩෙංගු රෝගීන් 1983 ක් වාර්ථා වී ඇති බවත් එම ඒකකය සඳහන් කරයි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් සහ මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්ථා වේ.
පවතින වර්ෂාවත් සමග වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.