ඔහු රසික සුරවීරආරච්චිය. "ඇබෑර්තු ඇත", "තාත්තේ මං ආවා", "බොරළු පාර", "ඊළඟට මොකද වෙන්නේ" වැනි ටෙලි නාට්‍යවල තිරපිටපත් රචකයා වන ඔහුගේ නවතම ටෙලි නාට්‍යය තිර රචනය වන්නේ මැයි මස 2 වැනිදා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 8.30 ට විකාශය වීමට නියමිත "සිල්ලර කාසි" ටෙලි නාට්‍යයය.
රටක් වශයෙන් අපි ලෝකයටම ණයයි. අතීතයේ මේ රට සෞභාග්‍යමත්ව පැවතුණ රටක්. ස්වයං පෝෂිත ආර්ථිකයක් තිබුණ රටක්. අපේ මිනිස්සු අපේ පොළොවෙන් හදාගන්න දේවලින්ම ආහාර ගෙන, සරල ගතිපැවතුම් එක්ක අල්පේච්ඡතාව මුල්කරගෙන ජීවත් වුණ මිනිසුන් හිටියත්, ඒ හරහා ගොඩනැගුණ සංස්කෘතියක්, සදාචාරයක් සභ්‍යත්වයක් අපේ රට තුළ තිබෙනවා. තව දුරටත් ගෝලීයකරණය එක්ක ලෝකයක් එක්ක, එක්ව යනවිට අපිට හුදකලාව අපේ ස්වයං පෝෂිත ආර්ථිකයක මත යැපෙන්න තවදුරටත් අවකාශයක් ලැබෙන්නෙ නැහැ.
අපිට දැනුවත්ව හෝ නොදැනුවත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතනවලට අපට ණය වෙන්න සිදුවෙලා තිබෙනවා. උපදින්න ඉන්න පරම්පරාවල් පවා ණයයි. පවුලක් වශයෙන් ගත්තත් හැම කෙනෙක්ම කොත හෝ ණයකාරයෙක් බවට පත්වෙලා. ඒක කොළඹ හතේ කෝටිපතියටත් එකයි. සියඹලාණ්ඩුවේ, මොනරාගල, වව්නියාව වැනි දුෂ්කර පළාත්වල ජීවත්වන දුප්පත් කෙනාටත් එකයි. මේ මිනිස්සු නින්දට යන්නේ ණයකාරයෙක් වෙලා.
වක්‍රාකාරයෙන් කොලෙස්ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, මානුෂික ආතතිය වැනිදේ ඇති වෙනවා. ශරීරයේ රසායනික ක්‍රියා වෙනස් වෙන්න ණය බරපතළ ලෙස බලපානවා. ණය කියන්නේ ලෙඩක්. ඒක අපිට පේන්නෙ නැහැ. හැම මිනිහෙක්ම ඒ ලෙඩෙන් පීඩා විඳිනවා.
නෝට්ටුවලින් ණය වුණ මිනිසුන්ට "සිල්ලර කාසි"
මම මේ නාට්‍ය හරහා කතා කරන්න උත්සහ කරන්නේ මම පෙර කිව්ව ලෙඩේ ගැන. නෝට්ටුවලින් ණය වුණාට, ඒ ණයෙන් ගැලවෙන්න ගොඩක් මිනිස්සු හොයාගන්නේ සිල්ලර විසඳුම්. සිල්ලර විසදුම්වලට ගියාම වෙන්නේ තව තව ඒ ණය මත හිරවීම. ජීවිතේ නැවත ගොඩ ඒමට බැරි ලෙස ඔහු මර උගුලකට හසුවෙනවා.
සිල්ලර කාසිවලට දායක වුණ පිරිස
අධ්‍යක්ෂණයෙන් ජනක සුරංජිත්, සංස්කරණය ජගත් වීරතුංගගේ , සංගීතයට ලහිරු මාඩිවිල, ගීත රචනය මම සිදුකළා. කැමරාකරණය අජිත් බලංගොඩ, නිෂ්පාදනය විරාජ් විසින් සිදුකළා. මෙහි ප්‍රධාන භූමිකා හතරක් තිබෙනවා. උද්දික ප්‍රේමරත්න, ධර්මප්‍රිය ඩයස්, ජෙහාන් අප්පුහාමි, සරත් කරුණාරත්න, ඒ වගේම හිමාලි සයුරංගි, රුවිනි මනම්පේරි, අනුරුද්ධිකා පාදුක්කගේ, වොල්ගා කල්පනී, වසන්ත කුමාරසිරි, කෝරලගේ සමන් යන එය මෙහි රංගනයේ යෙදෙනවා.