තාත්තයි පුතයි යළි රිමාන්ඩ්


පීඩාකාරී ආයුධ ප්‍රවාහනය හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සැප්තැම්බර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.

එම නඩුවට සම්බන්ධ තවත් සැකකාරියක් වන වාස් ගුණවර්ධනගේ බිරිය වන ශ්‍යාමලී ගුණවර්ධනගේ නඩුව 2017 පෙබරවාරි 16 වැනිදා තෙක් කල් තැබිණි. ඇය මීට පෙර ඇප මත මුදා හරිනු ලැබ සිටියාය.

ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධනට අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටී.

IMG_3198 IMG_3200 IMG_3201