තිසුරි අවුරුද්දට අලුත් ගෙදරකට යනවලු


20160409-ent-19

අපි බොහෝ දෙනා ආදරය කලාකරුවන්ටත් අවුරුදු සමරන විදිහයක් තියෙනවා. ඉතිං තිසුරි යුවනිකා කියන්නේ නව පරපුරේ කලාකරුවෙක්. එයා අවුරුදු සමරන්නේ මේ විදිහටයි කියලා අපිත් එක්ක කිව්වා.

අවුරුද්දට හැමදාම අපි නෑගම් යනවා. ඒ වුණත් මේ අවුරුද්ද ටිකක් විශේෂයි. ඒ අපේ අලුත් ගෙදර පදිංචියට ගියා. ඉතින් අලුත් අවුරුද්ද හා හා පුරා කියලා අලුත් ගෙදර තමයි සමරන්න හිතාගෙන ඉන්නෙ. ඒ වගේම මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයගෙ ටෙලිනාට්‍යයක වැඩ අවසන් කළා. ඒත් එක්කම අනුරුද්ධ ජයසිංහ අයියගෙ ටෙලිනාට්‍යයකත්, තව නාට්‍ය කීපයකත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

තව ආරාධනා ලැබිලා තියෙනවා. ඒ හැමදේම එක්ක ලැබෙන විවේකය අනුව නිර්මාණය ගැන බලලා දායකවෙන්න අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2016 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ආදරයෙන් සුබ පතනවා.


ධනු විජේරත්න 


sandalla