තිළිණ ගමගේට අලුත් ඇප කොන්දේසි : රට යන්නත් බෑ


අලියා  පොදු  දේපළක්  නොවේ  යැයි නුගේගොඩ  මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා  පසුගිය ජුනි 02 වැනි දා දුන් තීන්දුව වෙනස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ  කළේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අනවසරෙන් අලි පැටියකු ළඟ තබා  ගැනීම  ඇප දිය නොහැකි  වරදක් බවයි.

එහෙත් ඔහු  හිටපු අධිකරණ නිලධරයකු නිසාත්  රහස් පොලිසියට  හා  උසාවියට  සහය වී  ඇති  නිසාත් අලුත්  ඇප කොන්දේසි  මත මුදා හරින බව ඔහු ප්‍රකාශ කළේය.

රුපියල්  දස ලක්ෂයක මුදල් ඇපයක් හා  රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරිර  ඇප තුනක් මත ඔහු මුදා හැරිණි.

ඇපකරුවන් රජයේ විධායක නිලධාරීන් විය යුතු බවටද කොන්දේසි පැනවිණි. තිළිණ ගමගේගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කැරුණු අතර සෑම සතියකම ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියෝග කැරිණි. ඇප තැන්පත් කිරීම නුගේගොඩ ගංගොඩවිල උසාවියේදී සිදුකිරීමටද  නියමිතය.

නුගේගොඩ  මහේස්ත්‍රාත්ගේ තීන්දුවට එරෙහිව  නිතිපති විසින්  මෙම සංශෝධිත ඉල්ලුම් පත්‍රය මහාධිකරණයට  ගොනු කළේය.


ත‍ිළිණ ගමගේ උසාවියට පෙ.ව.10.06

කොළඹ අලුත්කඩේ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) කොළඹ අලුත්කඩේ මහාධිකරණයට පැමිණියේය.

නීත්‍යනුකූල නොවන අන්දමින් අලි පැටවකු ළඟ තබා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබිණි.

ගංගොඩවිල උසාවියේ දී තිළිණ ගමගේට ඇප ලබාදීම සම්බන්ධ නඩු වාර්තාව අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

IMG_5732 IMG_5773 IMG_5778

 

ඡායාරූප හා විඩියෝ- ලහිරු හර්ෂණ