සංගීත ක්ෂේත්රය තුළ වර්තමානයේ ජනප්රියව සිටින යොවුන් ගායකයන් අතළොස්ස අතර සිටින තීක්ෂණ අනුරාධ සිරස "සුපර් ස්ටාර්" රියැලිටි තරගාවලිය ඔස්සේ ගායන ක්ෂේත්රයට එක්වූ තරුවක්. "සඳරේණු ගලන" ගීතය හරහා සුවහසක් රසික හදවත් තුළට රිංගූ තීක්ෂණ, "ඔබ තරම්", "පෙරදාක සුසුමන්", "ආයෙත් හඬන්න", "සායම් කිරීල්ලී" යන ගීත තුළින් ක්ෂේත්රය තුළ නමක් දිනාගනිමින් සිය ජනප්රියත්වය තව තවත් ඉහළ දමා ගැනීමට සමත් විය. මේ දිනවල තීක්ෂණගේ ගීත අතරින් වඩා සංගීත ලෝලීන් අතර ජනප්රිය වී ඇත්තේ වෙනස්ම ආරක ගී නිර්මාණයක් වූ "බෝඩිම" ගීතය තුළිනි. ඉදිරියේදී සිය අලුත්ම ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටින තීක්ෂණ ඒ පිළිබඳ "සාරවිට" අපිට මෙසේ කටහඬ අවදි කළේය.
"අවසන් වරට මම එළිදැක්වූයේ "බෝඩිම" ගීතයයි. ඒ මීට අවුරුද්දකට කලින්. නමුත්, මේ ගීතයට අදටත් හොඳ රසික ප්රතිචාර ලැබෙනවා. ඒත්, මේ ගීතයට දැන් අවුරුද්දක කාලයක් වෙන නිසා ඉදිරියේදී අලුත් ගීතයක් එළිදක්වන්න සූදානමක් තියෙනවා. අලුත් ගීතය මාර්තු අගදී තමයි එළිදක්වන්න සැලසුම් කරලා තිබුණේ. ඒත්, පසුගිය දවස් ටිකේ මම අසනීප වෙලා හිටියා. ඒ අසනීප තත්ත්වය උඩ මගේ කටහඬත් ඒ තරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉතින් මේ වැඩේ මැයි මාසය දක්වා කල් ගියා. මැයි මාසේ මගේ අලුත්ම ගීතය අනිවාර්යයෙන්ම මගේ රසික, රසිකාවියන්ට අහන්න පුළුවන්කම ලැබෙයි කියලා මම පොරොන්දු වෙනවා. ඒ වගේම මේ ගීතයට රූප රචනයකුත් එකතු කරන්න දැනට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා මේ ගීතයේ ඕඩියෝව හා වීඩියෝව දෙකම එකට රසිකයන්ට තිළිණ කරන්න තමයි මගේ අදහස."
බුද්ධික සේනාධීර / ඡායාරූප - තීක්ෂණ අනුරාධගේ Facebook ගිණුමෙන්
The Bodim Song ...