තුන්මුල්ලත් ජලාශයක්


කොළඹට ද අද පෙරවරුවේ සිට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු අසීරු වී ඇත.

කොළඹ, මරදාන, වැල්ලවත්ත, තුන්මුල්ල මහ පාරවල් අද වැහිවතුරින් යටවිය. පෙරදින සන්ධ්‍යාවේ සිට අම්බලන්ගොඩට හා බලපිටියට මහ වැසි වැටෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. අද උදේ 11.50 වන විට එම පෙදෙස්වලට එක දිගට වැසි ලැබෙන බව වැසියෝ කියති.

මේ අතර කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශයටද මිලි මීටර් 69.5 වැසි ලැබුණු බව කාලගුණ විද්‍යා ආරංචි කියයි.

rain_colombo2016515 rain_colombo20165152 rain_colombo20165153 rain_colombo20165154 rain_colombo20165155 rain_colombo20165156 rain_colombo20165157

ඡායාරූප - ලහිරු හර්ෂණ

sunilrain_2016515 sunilrain_20165152 sunilrain_20165153

ඡායාරූප - සුනිල් ආනන්ද