තුර්කියේ විපතට පත් ජනතාවට සෙත්පතා...


(ආරියරත්න රණබාහු)

තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ.

ශ්‍රී ලංකා තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් ස්කේසියෝග්ලු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්වයේදී බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැන් වැඩීම සිදුකෙරිණ.
නානාපතිනිය සමග ඇයගේ ස්වාමිපුරුෂයා, තානාපති කාර්යාලයේ නියෝජිතයකු සහ විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතාද පැන් වැඩීමේ චාරිත්‍රය ඉටුකළ අයුරු සහ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ක්‍ඨායන කළ අයුරු. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබිණ.

(ඡායාරූප ගයාන් අමරෙස්කර)