තෙල් බවුසර අඩි 60 ප්‍රපාතයේ


(ආර්.එෆ්.එම්.සුහෙල්)

හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් අඩි 60 ක ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුවී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි.

අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයක නොපෙනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අනුමාන කරන අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොලොන්නාව තෙල් පර්‍යන්තයේ සිට කැප්පෙටිපොළ ඉන්දන පිරවුම්හල දක්වා ඩීසල් ලීටර් 13600 ක් රැගෙන ගිය ඉන්දන බවුසරයකි.

හග්ගල උද්භිද උද්‍යානය අසල අනතුරු බහුල මහා වංගුව ආසන්න ප්‍රදේශයේ අඩි 60 ක පමණ ප්‍රපාතයට පෙරලිමෙන් තෙල් තොගය මුලුමනින්ම ඇල මාර්ගය අරහා ගලාගොස්  ඇති අතර බවුසර් රථයක දැඩි ලෙස  හානි සිදු වී ඇත