තෙල් වෘත්තීය සමිති දෙවියන් යදියි


(එච් චන්දන)

රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය.

මෙම දේව පූජාව සහ පොල් ගැසීම 20 වැනිදා දවහල් සිදු කළ අතර ,මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයට ගිය වෘත්තීය සමිති නායකයන් සහ ඛණිජ තෙල් සේවකයින් දේව කන්නලව්වකට මුලින්ම සහභාගි විය.අනතුරුව ඔවුන් මුන්නේශ්වරම සොහොන් කාලි දේවාලය වෙත ගොස් දේව කන්නලව්වක් සිදු කර පොල් ගැසීමක්ද සිදු කරන ලදි.

වෘත්තීය සමිති එකමුතුවේ අශෝක රංවල මහතා මෙහිදී අදහස් දැක්වූ ඛණිජ තෙල් මෙසේ පැවසීය."අපේ රටට සම්පතක් වෙලා තිබුණු ඛණිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා.අපි මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැණුවත් කරමින් කියා සිටියා කරන්න යන වැඩේ නොකළ යුතු බව.නමුත් වෘත්තීය සමිති නායකයින්,සේවකයින් කියන කිසිදු දෙයක් මායිම් නොකර තමන්ගේ වාසිය ගැන පමණක් හිතන එක්තරා කණ්ඩායමක් අද සුදානම් වන්නේ ඛණිජ තෙල් සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නටයි.