තෙල් සංස්ථා ශ්‍රීලනිප සභාපතිගේ වැඩ තහනම්


ඒකාබද්ධ විපක්ෂයේ කිරුළපන මැයි රැලියට අනවසරයෙන් ගිය බව කියන ශ්‍රීලනිප වෘත්තීය සමිති සභාපතිවරයකුගේ වැඩ තහනම් කර ඇත.

තෙල් සංස්ථාවේ ශ්‍රීලනිප සේවක සංගම් සභාපති බන්දුල සමන්කුමාරගේ එම වැඩ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයෝ පිරිසක් සපුගස්කන්දේ හා කොළොන්නාවේ අද උද්ඝෝෂණයක් ද කළහ.