තෙවරප්පෙරුම යනවිට උසාවිය වහලා : බාරවෙන්න බැරිවෙයි


නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනයද සමග අද (5) පස්වරු 3.30ට පමණ මතුගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණියේය.

ඒ වන විට උසාවියේ වැඩ අවසන් වී තිබිණි. ඔහුගේ නීතිඥවරුන් පැවසූයේ උසාවියේ වැඩ අවසන්වී ඇති හෙයින් ද බදාදා (6) රජයේ නිවාඩු දිනයක් හෙයින් ද බ්‍රහස්පතින්දා උසාවියට ඉදිරිපත් කරන බවයි.