තෙළිඟු රැහේ නායකයා වන ඒ.ආර්.නඩරාජා (58) අද පෙරවරුවේ මිය ගියේය.
මුඛ පිළිකාවක් හේතුවෙන් පසුගිය දිනවල අසනීපයෙන් සිටි තෙළිඟු නායකයා තඹුත්තේගම රෝහලෙන් ප්රතිකාර ලබාගත්තේය.
හිටපු මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා කුඩාගම පිහිටුවා නයි නැටවීමට හා සාස්තර කීමට තැන තැන ඇවිදිමින් සිටි මෙම ජන කොට්ඨාසයට ස්ථිර නිවහන් ලබාදුන්නේය.
ඉන්පසු කුඩාගම සිට ඔවුහු නායකයකුගේ අණසකට යටත්ව එම සුපුරුදු කාර්යයේ යෙදුණහ. රැහේ ප්රශ්න පිළිබඳ අධිකරණය රැහේ නායකයාගේ ප්රධානත්වයෙන් කුඩාගම දී කටයුතු කැරිණි. වැරදි කළ අයට දඬුවම් දීමද වරිග සභාවෙන් තීන්දු විය. වරිග සභාවේ තීන්දු නොපිළිගත් ඇතැම් වැරදිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට පටන් ගැනීමත් සමග එම ක්රියාවලිය නතරවූ බවත් පසුගිය අවුරුදු දෙකේදීම වරිග සභාව දඬුවම් නොකළ බවත් දැනගන්නට ඇත.