තොරතුරු පනත ඒකමතිකව සම්මතයි


තොරතුරු දැනගැනීමේ පනත සංශෝධන සහිතව අද (24) ඒකමතිකව සම්මත විය.

බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පනත විවාද විය. කාරකසභා අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ හා දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධනය ඉදිරිපත් කළහ.

රජය එම සංශෝධන පිළිගත්තේය. පනත ඒකමතිකව සම්මත විය.

තොරතුරු පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බන්ඩාරගම ජන හමුවක් අමතමින් මෙසේ කීවේය.

“අද දවසේ අපේ පාර්ලිමේන්තුව තොරතුරැ දැනගැනීමේ පනත්කෙටුම් පත සම්මත කර  ගන්නේ ආන්ඩුවේ අරක්ෂාවට නෙමෙයි පුරවැසියගේ ආරක්ෂාවටයි  එනිසා   රටේ පුරවැසියෝ රකින පුරවැසියගේ අයිතිය රකින  ප්‍රජාතන්ත්‍රවාදී මුල ධර්මය  නිවැරදි තොරතුරැ දැඅනගැනීමට ඇති අයිතිය රකින නීතියක් මේක අපි ආඩම්බර වෙනවා”