දඹුල්ලේ එළවලු මිල බැහැලා


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත  වැටි   ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල  වැඩි වශයෙන් එළවලු තොග ලැබුණද ඒවා මිලදී  ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම  අඩු වී තිබෙන බවත් වෙළෙන්දන් ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු  පරිභෝජනය කරන ප්‍රමාණපහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති.

එළවලු අලෙවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බව වෙළෙන්දෝ කියති. 

අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු  වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා  බොහොමයක් අලෙවි විම රුපියල් 50 ත් 100 ත්  අතර   මිල ගණන්  යටතේ බවත්   බොහෝ දුරට අලෙවි  නොවී  දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීහු පෙන්වා දෙති.

නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ ද පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල  පහත පරිදි වේ.

 

 තක්කාලි 160- 200

 වම්බටු    80-100

 කැරට්    50-70

බෝංචි     150 -200

 මාළු මිරිස්  240-300

 අමුමිරිස්    250-300

 කැකිරි     25-30

 පිපිඤ්ඤා  25-30

 වට්ටක්කා  80-100

මෑ  කරල්  100-120

ගෝවා    50-70

ලීක්ස්    140-160