දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි


(කාංචන කුමාර ආරියදාස)

විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

අලුත් අවුරුද්ද ඉලක්ක කර වගා කළ එළවලු තොට මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විති ඇත.

ගෙවීන් තම එළවළු තොග ඒ 9 මාර්ගයේ තබාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි වී ඇත. .

එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලෙවි නොවන බව ද ගොවීහු පැවැසූහ

ඉන්ධන හිඟ වීම නිසා පිට පලාත්වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීම්ට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙති.