දයාසිරි කටේ දිවේ නොගෑවී බොරු කියයි


ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි.

තමා දෙවුන්දර සිට කොළඹට පෙළපාළි ගොස් ඇතත් ඩොල්කි ගසමින් නටමින් කිසිම අවස්ථාවක ඊට සහභාගී නොවූ බවයි.

එහෙත් මැයි පෙළපාළියක දී (2014) ඔහු බෙරයක් ගසමින් නටමින් ගමන් කරමින් සිටි ආකාරය මේ වීඩියෝවෙන් දැකගත හැකිය.

‘මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ මෙවැනි පාගමනක් තිබුණානම් මොකද වෙන්නේ? හලාවත ධීවර ජනතාව එළියට බැහැලා ඩීසල් සහනාධාරය ඉල්ලුවහම වෙඩි තිබ්බා. ඇන්තනි ප්‍රනාන්දු මැරුණා. තව පස් දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්වුණා.‘ යැයි වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර අද (31) එම මාධ්‍ය හමුවේදී පැවසීය.

‘කටුනායක ආයෝජන කලාපයේ තරුණ තරුණියෝ තමන්ගේ ඊපීඑෆ් - ඊටීඑෆ් ආරක්ෂා කරගන්න සටනක යෙදුණා. මහින්ද බාලසූරිය හිටපු පොලිස්පතිගේ ආශිර්වාදයෙන් රොෂේන් චානකලා වගේ කට්ටිය වෙඩි තියලා ඝාතනය කළා විතරක් නෙමෙයි ඔහුගේ මරණයේ අවසන් කටයුතු වෙන දවසේ මුළු වැලිවේරියේම ආයුධ සන්නද්ධ හමුදා බට යෙදෙව්වා. රතුපස්වල වතුර ඉල්ලුවාම වෙඩි තිබ්බා. මෙහෙම තමයි එදා පාලනය කළේ‘ යැයි ද ඔහු කීය.

web_daya_731IMG_0548

ඡායාරූපය - ලහිරු හර්ෂණ

IMG_2635 IMG_2636 IMG_2637

ඡායාරූප හා වීඩියෝ - අන්තර්ජාලයෙනි