දයාසිරිට කොළ අඳු කොළ වේ


ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ මීටර 233 ක් පළල මං තිරු දෙකක ගුවන් පාලමකට  මුල් ගල තැබීමේ උත්සවයට පැමිණි ක්‍රිඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා  සිය ජිප් රියෙන් නොබැසම උත්සව භුමියෙන් පිට වු බව කියති.

රුපියල් කෝටි 223 ක වියදමින් මේ පාලම ඉදි කෙරෙයි.

ඔහු ගොස් මිනිත්තු පහකට පමණ පසුව ප්‍රවාහන ඇමැති කිරිඇල්ල මහතා උත්සවය ආරම්භ කළේය. උත්සව භුමිය සරසා තිබු ආකාරය ජයසේකර ඇමැතිවරයාගේ නොසතුටට හේතු වු බව එහි සිටි අය කියති.

නිල්, කොළ,තැඹිලි ආදි විවිධ වර්ණ වලින් උත්සව භුමිය සරසා තිබිණි. එහි සිටි කිහිප දෙනෙකු පැවසුවේ කොළ කොඩි ගැන ඔහු යමක් කියා උත්සවයට සහභාගි නොවී ගිය බවයි. මේ ගැන විමසිමට දුරකථනයෙන් ඇමැති සම්බන්ධ කර ගැනිමට ගත් උත්සහය අසාර්ථක විය. 

දයාසිරි ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට පෙර එක්සත් ජාතික පක්ෂ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.