පොහෝ දිනයේ ඔබ නැරඹීමට සූදානම් වන්නේ පිය සෙනෙහස ගැන කියැවෙන කෙටි චිත්‍රපටයකි. එය පියෙකු තම දරුවන්ට සහනයක් ලබා දීමට කරන වෑයමක රූපනයකි. මෙම චිත්‍රපටය තුළ කොතෙක් අසරණව සිටියද පියෙකු තම දරුවන්ට යුතුකම් ඉටු කරනා ආකාරය මැනවින් පෙන්වයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන දර්ශන දියතිලක මේ සම්බන්ධයෙන් අප හට පවසන කතාව මෙලෙස ඉදිරිපත් කරමු.
ඕකේ අපි කියන්නේ වැඩිපුර අම්මලා ගැනයි හැමෝම ගුණ වයන්නේ. නමුත් තාත්තලාත් තමුන්ගේ දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ ගැන අවධානයක් ඇති කරන්නට හිතාගෙනයි මම මේ දේ කළේ. තාත්තලාගේ අගේ නැති වුනාමයි තේරෙන්නෙ. ඔවුන් ඒ දවස්වල අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙනවාද කියලා අද අපි තාත්තලා විදියට අපිට අපිට දැනෙනවා. ගෙදර බුදුන් අම්මාය කියලා අම්මාටම පමණක් ගුණ වර්ණනා කරන ලෝකෙක මට ඒ කතාව කියන්න ඕන වුනා. ළමයි හැදුවානං අම්මලා තාත්තලා එයාලව බලාගන්න ඕන. ඒවගේම ළමයි දැනගන්න ඕන ඒ අම්මලා තාත්තලාට හරි විදියට සළකන්න.
රංගනය
- තිස්ස ද සිල්වා
- දිලිනි චින්තා කුමාරි
- බුද්ධික බෝධිනායක
- ධම්මික පුෂ්පකුමාර
- ඉසුරු ප්‍රසාද්
වේශ නිරූපනය
- බුද්ධික බෝධිනායක
සහය අධ්‍යකෂණය සහ තිරරචනය
- තිස්ස ද සිල්වා
කැමරාකරණය සහ ආලෝකකරණය
- ඉන්දික ප්‍රභාත්
කතා සංකල්පය/ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය
- දර්ශන දියතිලක