දරුවන් රට යවන්න පොලියට සල්ලි අරන්


තම මුණුපුරා හා ඥාති පුත්‍රයා එතෙර රැකියාවට යැවීමට මහරගම රැකියා ඒජන්සියකට රුපියල්  එක්ලක්ෂ විසිදහස බැගින් වසර  එකහමාරකට පෙර  ගෙවු බවත්  ගමන නොයැවු නිසා ගෙවු මුදල් ඉල්ලා දඹානේ ඌරුවලිගේ  දෙමටල ඇත්තන් අද (23) මහරගම පොලිසියට  පැමිණිල්ලක් කළේය.

රැකියාවට යාමට  සිටි  එක් අයකු වල් අලි පහරකින් මිය ගිය නිසා  ගමන අවලංගු කළ බවත් කුලියට  සල්ලි ගෙන රැකියා ඒජන්සියට  මුදල්  ගෙවු බවත්  ඔවුහු පොලිසියට  කීහ.

පොලිසිය ඔවුන් ද සමඟ රැකියා  ඒජන්සියට  ගියේය. නොවැළැක්විය හැකි හේතුවක් නිසා දින දෙකක් ඒජන්සිය වසා තබන බවට  ඒජන්සි දොරටුවේ දැන්වීමක් අලවා තිබුණි.

DSC09191[1] DSC09233 DSC09249[1]