මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කප්රුක් පෙරහර මාවනැල්ල අලුත්නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයේ සිට මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා වැඩවීම අඟහරුවාදා (2) අලුයම සිදුකිරීමට නියමිතය.
වසර සියයකට පමණ පසු පුරාණ චාරිත්‍ර විධි අනුව උත්සවාකාරයෙන් මෙවර එය සිදුකරන බව මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත මහතා පැවැසීය.
එම චාරිත්‍රය සදහා සියලු වගකීම් දරන්නේ සතර කෝරලයේ උරුමය සහිත මහා විෂ්ණු දේවාලයයි.එහිදී වඩා සැලකිය යුතු වැඩ කොටසක් අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලයෙන් ඉටු කරයි.
මහනුවර ඇසළ පෙරහැර සදහා කප් සිටුවනු ලබන්නේ පළමු වන කුඹල් පෙරහැරට දින පහකට පෙරදීය.තෙරුවන්ගේ සරණ මෙන්ම දෙවියන්ගේ අවසරය හා පිහිටද පතා මෙම සිටවනු ලබන මෙම සංකේතාත්මක “ කප “ දෙවියන්ගේ පිහිට හා දෙවියන්ගේ ආකර්ශනය බලාපොරොත්තුවෙන් සිටුවිම විශේෂත්වයකි.
“ කප “ යනුවෙන් හැදින්වෙන්නේ පළනොදැරු කොස් පැලයකි (කිරි ගසකි). අඩි 6 ක පමණ දිගින් යුත් මෙම දණ්ඩ හෙවත් “ කප “ තෝරාගත් මොහොතේ සිට අතිශය පූජනීය වස්තුවක් ලෙස සැලකේ.
“කප “ කොටස් 4 කට කපා නාථ, විශ්ණු, කතරගම සහ පත්තිනි දේවාල වල බස්නායක නිලමේවරුන් හා රාජකාරිකරුවන් වෙත භාරදෙයි. ඔවුන් ඒවා ගෙන ගොස් අභ්‍යන්තර පෙරහර ආරම්භ කරන අතර පෙරහර අවසානයේ ගැටඹේ දිය කපනා තොටේදි දියේ පා කර හරියි.