දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි


(සමන් පාලිත නානායක්කාර)

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක  තිරිංග ක්‍රියාවිරහිත වී  ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.