
(අංජුල මහික වීරරත්න)
දිට්වා හදිසි ආපදාවෙන් තම නිවාස හානිවීම හේතුවෙන් තවදුරටත් කුලී නිවාස වල රැදී සිටින නිවාස හිමියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 25,000 ක මාසික ගෙවල් කුලී දීමනාව ලබන දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අදාළව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අදාළ කුලී මුදල ලබන දෙසැම්බර් දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අදාළ චක්‍රලේඛය යවා තිබේ.

